ගෑස් කාන්දුවකින් කුකුල් පැටව් ද මියයති

387


පන්නල පොලිස් වසමට අයත් පල්ලේගමල එළිබිච්චිය ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපොළක අද අලුයම සිදුවූ ගැස් කාන්දුවකින් හටගත් ගින්නකින් කුකුළු පැටව් 3,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.

මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් අක්කර 17ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති එම කුකුළු ගොවිපොළ තුළ කුකුළු පැටවුන් 35,000ක් පමණ රැඳවිය හැකි ශාලා 7ක් තිබේ. ඉන් එක් ශාලාවක් තුළ ගින්න හට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment