ගෑස් – කිරිපිටි හරියට දෙන්න වැඩපිළිවෙළක් – අගමැති කියයි

564

ගෑස්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් මේ වනවිටත් ආරම්භ කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයිනට’ ඊයේ (11 වැනිදා) කියා සිටියේය.

දැනට විශාල ගැටලූවක් බවට පත් වී ඇති ගෑස් සහ කිරිපිටි හිඟය ඉදිරි දින කීපය තුළදී විසඳීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරත් කියා සිටියේය.

ශී‍්‍ර ලංකාව අද මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒමට අවශ්‍ය සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගැනීමට තම රජය කටයුතු කරමින් සිටින බව පැවසූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගේ ප‍්‍රශ්න සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමට අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ද කියා සිටියේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment