ගෑස් ‘කේස්’ – රනවරා තම්බන කොට ‘පට පට’ ගාන ශබ්දයක් ඇසුණා – මිහින්තලේ ගෙදරකත් ගෑස් ළිපක් පුපුරයි

295

* ගෙහිමි කාන්තාව කියයි

මිහින්තලය දුම්රිය පොළ ආසන්නයේ නිවසක පෙරේදා (30දා) රාත‍්‍රී සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ගෑස් ළිප පුපුරා ගොස් ඇතැයි එම නිවසේ ගෙහිමි කාන්තාව පවසති.

මුළුතැන්ගෙයි කිසිවකුත් නොසිටි අවස්ථාවේ මෙම සිද්ධිය වී ඇත. ඒ නිසා කිසිවෙකුටත් හානි සිදුව නැත.

මෙම සිදුවීම සම්බන්ධයෙන්, අනුරාධපුර පාර දුම්රියපළ ඉදිරිපිට, මිහින්තලේ ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. එම්. ජී ස්වර්ණලතා පුෂ්පරාණි මහත්මිය මෙසේ විස්තර කළාය.

‘‘අපි රාත‍්‍රී බත් කාලා බොන්න රණවරා තැම්බුවා. එක පාරටම කුස්සිය පැත්තෙන් ‘පට පට’ ගාලා ශබ්දයක් ඇහුණා. අපි එබිල බලන කොට ගෑස් ලිප පුපුරනවා. පුතයි මහත්තයයි ඉක්මනට පැනලා ගිහින් ගෑස් ලිප ටැංකියෙන් වෙන් කළා. ළිප පිච්චිලා ගිහින් රෙගියුලේටරය විනාශ වෙලා තිබෙනවා. පසුව අපි ගෑස් ටැංකියට වතුර දාලා බලන කොට බුබුළු දානවා දැක්කා.

මිහින්තලේ – රංග චතූ

නානුඔය බාර් එකේ  ‘රෙගුයුරේටරය’  ගැලවී විසිවෙයි

ගෑස් ‘කේස්’ - රනවරා තම්බන කොට ‘පට පට’ ගාන ශබ්දයක් ඇසුණා - මිහින්තලේ ගෙදරකත් ගෑස් ළිපක් පුපුරයි

නුවරඑළිය නානුඔය නගරයේ පිහිටි මත්පැන් අලෙවිසලක මුළුතැන්ගෙහි ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබූ රෙගුයුලේටරයක් ඊයේ (01දා) උදෑසන 8.30 ට පමණ ගැලවී ඉවතට විසි වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

මුළුතැන්ගෙහි කෝකියා ආපනශාලාවට කටගැස්ම පිසිමින් සිටියදී එක වරම ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබූ රෙගුලේටරය ගැලවී ඉවතට විසි වී ගෑස් ටැංකිය බිමට වැටී ඇත. ගෑස් ටැංකියේ තිබූ සියලූම ගෑස් කාන්දු වී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියයි.

සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදු වී නැත.

නුවරඑළිය – නාලක රත්නායක

පෙඞ්ලි වතු යායේ නිවෙසකත් ගෑස් සිලින්ඩරය පුපුරලා

ගෑස් ‘කේස්’ - රනවරා තම්බන කොට ‘පට පට’ ගාන ශබ්දයක් ඇසුණා - මිහින්තලේ ගෙදරකත් ගෑස් ළිපක් පුපුරයි

හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් පෙඞ්ලි වතු යායේ වතු නිවාසයක මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබූ ගෑස් නළය සහ රෙගියුලේටරය පුපුරා ගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසීය.

නිවසේ සිටි පාසල් දැරියක් ගෑස් උදුන දැල්වීමට යෑමේදී එකවරම ගෑස් නළය සහ රෙගියුලේටරය පුපුරා ගොස් ඇත. ඉන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර, පැතිර ගිය ගින්න පාලනය කිරීමට වතු කම්කරුවන් සමත්වී ඇත.

ගින්නෙන් නිවසේ මුළුතැන්ගෙයි තිබූ උපකරණ කිහිපයක් ද පිළිස්සී ඇත.

මීට සති දෙකකට පමණ පෙර ගෑස් සිලින්ඩරය කොටගල ප‍්‍රදේශයෙන් මිල දී ගත් බව නිවසේ හිමිකරු පවසයි.

පිපිරීම සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

නුවරඑළිය – නාලක රත්නායක

තලවකැලේ ගෙදරකත් ගෑස් ළිපක් පුපුරයි

ගෑස් ‘කේස්’ - රනවරා තම්බන කොට ‘පට පට’ ගාන ශබ්දයක් ඇසුණා - මිහින්තලේ ගෙදරකත් ගෑස් ළිපක් පුපුරයි



තලවකැලේ දුම්රියපොළ මාර්ගයේ පිහිටි නිවසක මුළුතැන්ගෙහි තිබූ ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබූ ගැස් නළය සහ ගැස් උදුන ඊයේ (01දා) දින පුපුරාගොස් ඇති බව තලවකැලේ පොලිසිය පැවසීය.

ඊයේ (01දා) උදෑසන 11ට පමණ නිවාස හිමියා ගෑස් උදුනෙන් ජලය රත්කර තේ සෑදීමෙන් අනතුරුව ගෑස් උදුන ක‍්‍රියා විරහිත කර නිවසින් එළියට පැමිණි අවස්ථාවේ එක වරම විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබූ ගෑස් නළය සහ ගෑස් උදුන පුපුරාගොස් ඇති බවත් පොලිසිය කියා සිටියේය.

පිපිරීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැති අතර පිපිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ පොලිස් ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (ීධඣ) යටතේ පරීක්ෂණ පවත්වන බව තලවකැලේ පොලිසිය කියා සිටියේය.

නුවරඑළිය – නාලක රත්නායක

ඉහළ කොත්මලේ  ගෑස් ළිපක් පුපුරයි

තලවකැලේ, වෝකර්ස් පෙදෙසේ, ඉහළ කොත්මලේ නව නිවාස සංකීර්ණයේ නිවසක ගෑස් ළිපක් පුපුරා යෑමේ සිදුවීමක් ඊයේ (01දා) උදෑසන 10.00ට පමණ සිදුව ඇතැයි තලවකැලේ පොලිසිය කියයි.

තේ සකසා ගැනීම සඳහා ගෑස් ළිප දල්වා ජලය උණු කරගත් බවත්, අනතුරුව ගෑස් ළිප නිවාදමා විනාඩි දහයකට පමණ පසු විශාල ශබ්දයක් මුළුතැන්ගෙයින් ඇසුණු බවත්, දිව ගොස් බැලීමේ දී ගෑස් ළිප පුපුරා විනාශයට පත්ව තිබූ බවත් එම නිවසේ හිමිකරු වන වේලූසාමී ශ‍්‍රීනාත් මහතා පැවසීය.

ගෑස් ළිප පුපුරා යෑමෙන් පසු ගෑස් සිලින්ඩරය ඇතුළු උපකරණ නිවසින් ඉවතට ඇද දැමීමට තමන් කටයුතු කළ බව ද ඒ මහතා කීවේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය විමර්ශනයක් සිදු කරයි.

මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment