ගෑස් ගන්න ගිය අයට එලොව පොල් පෙනේ

64


දින ගණනක් තිස්සේ පිටිගල ගෑස් පෝලිමේ දස දුක් විඳිමින් කුසගින්නේ රස්තියාදු වූ අයකු ගෑස් පෝලිමේ සිටියදීම හිස මතට පොල් ගෙඩියක් ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ඊයේ ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙම රෝගියාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග කියයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෝලිමේ සිටි අය පැවසුවේ දින ගණනක් දුක් විඳ පෝලිම්වල ලගින පිරිස්වල ආරක්ෂාව සැලසෙන පරිදි මෙම කටයුතු සංවිධානය කළ යුතු බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment