ගෑස් ගැන නව සභාපතිගේ හෙළිදරව්ව

823


ශ්‍රී ලංකාවට නැවතත් එල්පී ගෑස් නැවක් ගෙන්වා ගැනීමකට තව දින 14ක් පමණ ගතවේයැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පවසයි.මේ දක්වා අලුතින් ගෑස් නැවක් ගෙන්වා ගැනීමට සමාගමේ පරිපාලනය කටයුතු කර නැතැයිද සඳහන් කරයි.තමාට දැනට පෙනෙන්නට තිබෙන්නේ හිස් මුහුද පමණක් බවත් එහි ගෑස් නැව් නැති බවත් පවසයි.කෙසේ හෝ ඉදිරි සති දෙක ඇතුළත ගෑස් නැවක් ගෙන්වාගැනීමට උපරිම පියවර ගන්නා බවද සභාපතිවරයා සඳහන් කරයි.මේ අතර අද දිනයේ ලිට්‍රෝ ගෑස් බෙදාහරින්නේ ආපන ශාලා ඇතුළු වානිජ කටයුතු සඳහා පමණක් බව එම සමාගම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment