ගෑස් ගේන්න දින 14ක් යනවා – ලිට්‍රෝ නව සභාපති මුදිත පීරිස්

122

හිටපු නිලධාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා ගෑස් ගෙන්වා ගැනීමට තව දින 14ක පමණ කාලයක් ගත වනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

එසේ වුවත් එම සති දෙකක කාලය ඇතුළත ගෑස් නැව් දෙකක්වත් ගෙන්වා ගැනීමට ඉඩ ප්‍රස්තාව තිබේදැයි තමා සොයා බලාගෙන යන බව ද හෙතෙම සඳහන් කළේය.

පසුගිය දින මෙරටට පැමිණි ගෑස් නෞකාවට පසු එකම ගෑස් නැවක්වත් ගෙන්වා ගැනීමට ක්‍රියා නොකර හිටපු බලධාරීන් වගකීම් විරහිතව කටයුතු කර ඇතැයි ද හෙතෙම කීවේය. ගොඩබෑම් කරන විට මුදල් ගෙවන බවට දින වකවානු කතා කරගෙන තීරණයක් ගෙන නොතිබීම නිසා මෙය විශාල අර්බුදයක් වී ඇති බවත් සාකච්ඡා මට්ටමින් කොන්දේසි සම්පූර්ණ කර ඇති ගෑස් සැපයුම්කරුවන් මගින් දින 14කට පෙර මෙරට ගෑස් ගෙන්වා ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්තාව සොයා බලාගෙන යන බවත් පීරිස් මහතා පැවසීය. පවතින තත්ත්වය පිළිබඳ දැනගෙන වැඩ භාර ගත් බවත් ගැටලුව විසඳීමට නායකත්වය දීමට සූදානම් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment