ගෑස් දියව්! රත්ගමින් පාර හරස් කර ජනතාව උද්ඝෝෂණයේ

207

රත්ගම නගරයට රැස්වූ විශාල පිරිසක් ගෑස් ඉල්ලා ඊයේ (22 දා) උදෑසන සිට ගාල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගය ද අවහිර කරමින් උද්ඝෝෂණයක යෙදී සිටීම නිසා වාහන ගමනාගමනයට බාධා ඇති විණි. රත්ගම අලෙවි සලකට ගෑස් රැගෙන එන බවට ලැබුණු ආරංචියක් අනුව අලුයම සිට ජනතාව පෝලිම් ගැසී සිටියත් ගෑස් නොලැබීම නිසා පසුව ඔවුහු පාර හරස් කරමින් විරෝධතාවයක් ආරම්භ කළහ.

ගෑස් දියව්! රත්ගමින් පාර හරස් කර ජනතාව  උද්ඝෝෂණයේ

පොලිසිය පැමිණ ඔවුන් මාර්ගයෙන් ඉවත් කර වාහන ගමනාගමනයට ඉඩ සලසා දුන්නත් යළිත් පාර හරස් කරමින් උද්ඝෝෂණය ආරම්භ කෙරිණි. කාන්තාවෝ කිහිපදෙනෙක් විරෝධතා පුවරු ද තබාගෙන මහා මාර්ගයේ වැතිර සිටියහ. මේ නිසා ඊයේ පෙරවරුවේ පැය කිහිපයක්ම වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබිණි.

අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment