ගෑස් දෙන්නේ උසාවි නියෝගය අනුවයි

231

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා අභියාචනාධිකරණය ලබාදුන් නියෝග අනුව කටයුතු කිරීමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය හා ගෑස් සමාගම් ඊයේ (31 වැනිදා)අභියාචනාධිකරණයට දැනුම් දුන්හ.

වෙළෙඳපොළට නිකුත් කර තිබෙන අනතුරුදායක ගෑස් සිලින්ඩර් වහාම ආපසු කැඳවන ලෙසට අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය ක‍්‍රියාත්මක කිරීම පාරිභෝගික අධිකාරිය ඇතුළු වගකිවයුතු ගෑස් සමාගම් පැහැර හැර ඇති බවට චෝදනා කරමින් සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයකු වන නාගහනන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කළ මෝසමක් ඊයේ (31 වැනිදා) කැඳවූ අවස්ථාවේදී පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මනෝහර ජයසිංහ මහතා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.

වෙළෙඳපොළේ තිබෙන අනතුරුදායක ගෑස් සිලින්ඩර හා නිවාසවලට අලෙවි කර ඇති ගෑස් සිලින්ඩර ආපසු ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නංවන ලෙසට අධිකරණය කළ නියෝග පැහැරහැරීම නිසා මේ වනවිට අවම වශයෙන් දිනකට අනතුරු දෙකක් හෝ ඊට වැඩි ගණනක් සිදුවන බවත් පෙත්සම්කාර නාගහනන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයට කීවේය.

එම මෝසම රුවන් ප‍්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව දැක්වෙන එම අධිකාරියේ සභාපතිවරයාගේ දිව්රුම් ප‍්‍රකාශයක් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අඩක් භාවිතා කළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි මධ්‍යස්ථාන වෙත ආපසු ලබා ගැනීමේදී ඒ තුළ අන්තර්ගත ගෑස් වෙනුවට කිසියම් මුදලක් ආපසු ගෙවීමට හෝ කිසියම් මුදල් අඩුකර පාරිභෝගිකයන්ට අලූත් ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සමාගම් වෙත උපදෙස් ලබාදී ඇතැයිද එහිදී අධිකරණයට පැවසූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඊට අදාළ යාන්ත‍්‍රණය සකස් කිරීම පිළිබඳ සාකච්ඡුාවක් ලබන තුන්වැනිදා පැවැත්වෙන බවටත් එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම සඳහා යම් කාලයක් ගතවන බවත් අධිකරණයට කීවේය. පාරිභෝගික අධිකාරියේ කටයුතු සුපරික්‍ෂණය කිරීමට බලයක් අභියාචනාධිකරණයට නොමැති බවත් අධිකරණය පැවසූ ලිට්‍රෝ ග‍්‍රෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා මෙම මෝසම පදනම් විරහිත බවටද චෝදනා කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment