ගෑස් නැතිව මතුගම ආදාහනාගාරයත් නවතී

107

ගෑස් නොමැති වීම නිසා මතුගම ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේ මෘතදේහ ආදාහනය නැවතීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇත.

ආදාහනාගාරයට අවශ්‍ය කිලෝ ග‍්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩර් ඇණවුම් කර සතියක් ගතව ඇතත් මෙතෙක් ලැබී නැති බවද කඩිනමින් ගෑස් සපයා ගැනීමට කටයුතු කරන බව ද මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරිය පැවසුවාය.

මේ වනවිට පවතින ගෑස් හි`ගය හේතුවෙන් ආදාහනාගාර සේවා මෙන්ම ආහාර සැපයුම්කරුවෝද දැඩි අර්බුදයකට ලක්ව සිටිති.

මතුගම විශේෂ –  අනුර ජයසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment