ගෑස් නැතිව විරෝධතාවේ

220

ගෑස් ලබා ගැනීමට අලූයම 3.00 සිට වතුගෙදර ප‍්‍රාදේශීය සභා ක‍්‍රීඩාපිටියට පැමිණි පිරිසක් ගෑස් නැති හෙයින් ඊයේ (20දා* අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වූහ.

ගෑස් බෙදා දෙන බවට ලත් ආරංචියක් මත වතුගෙදර, කන්දෙගොඩ, බලපිටිය හා අවට ප‍්‍රදේශවල ජනතාව විශාල පිරිසක් අලූයම 3.00 සිට ගෑස් ටැංකි තබාගෙන වතුගෙදර ප‍්‍රාදේශීය සභා පිට්ටනියේ පෝලිමේ රැුඳී සිටියහ. පෙරවරු 10.00ට පමණ ගෑස් නොලැබෙන බව දැන්වීමත් සමඟම කුපිත වූ ජනතාව පාර මැද ගෑස් ටැංකි තබාගෙන කෑකෝගසමින් විරෝධයේ නිරත වූහ. එහිදී කාන්තාවන් සිහිසුන්ව ඇද වැටී තිබිණි.

අම්බලන්ගොඩ පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද කන්නන්ගර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ කරුණු පහදා දී ගෑස් ලබාදීමට ක‍්‍රමවේදයක් සකස් කරන බව පැවසීමෙන් පසුව පිරිස රජයට දෙස් දෙවොල් තබමින් විසිර ගියහ.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment