ගෑස් නැව් 4ක් ලංකාවට එයි – ප‍්‍රමිතිය තහවුරු කළ 2 කට අලෙවියට අවසර ලැබේ

256

රටපුරා ඇතිවූ ගෑස් පිපිරීම් සමග ගෑස් අලෙවිය අත්හිටුවීමෙන් පසු ගෑස් සමාගම් මගින් ආනයනය කරන ලද ගෑස් තොග රැුගත් නෞකා හතරක් මේ වන විට මෙරටට පැමිණ තිබේ.

මේ අතරින් නෞකා දෙකක තිබූ ගෑස් තොගවලින් සාම්පල් ලබාගත් විශේෂඥ කමිටුව මගින් ඒවා

රසායනාගාර පරීක්‍ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිසි ප‍්‍රමිතියෙන් යුතු බවට තහවුරු වීමෙන් පසු අලෙවිය ස`දහා අවසර ලබාදී තිබේ.

ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් මගින් ආනයනය කරන ලද ගෑස් තොග සහිත නෞකා දෙකකට මෙලෙස අවසරය හිමිවූ බව හාබර්මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා පැවසීය.

මේ අන්දමට ගෑස් තොග රැගෙන මෙරටට ළගාවූ තවත් නෞකාවක් ඉකුත් සෙනසුරාදා කොළඹ වරායට ඇතුළු වී ඇති අතර මේ වන විට එය කොළඹ වරාය තුළ නැංගුරම් ලා තිබෙන බවද කපිතාන් නිර්මාල් සිල්වා ස`දහන් කළේය. එම නෞකාවේ ගෑස් තොගවලින්ද අදාළ විශේෂඥ කමිටුව රසායනාගාර පරීක්‍ෂා කිරීම් ස`දහා සාම්පල් ලබා ගැනීමට පියවර ගෙන ඇත.

ගෑස් සමාගමක් මගින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් ඊයේ (13ද) අලූයම කොළඹ වරායෙන් පිටත සීමාවට ළ`ගා වී ඇති අතර මේ දක්වා එම නෞකාව කොළඹ වරායට ඇතුළු වී නැත.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment