ගෑස් නිසා හෙම්බත්වූ ජනතාව භූමිතෙල් ළිප්වලිනුත් ගසා කති – 1000 ට 1500 ට තිබුණු භූමිතෙල් ළිප් – දැන් 6000 ට 8000 ට නැගලා

152

රුපියල් 1000 ත් 1500 ත් අතර මිලකට තිබූ භූමිතෙල් ළිප්ද මේ වන විට වෙළෙඳසල් හිමියන් රුපියල් 6000 ත් 8000 ත් අතර ඉතා අධික මිලකට අලෙවි කරන බව ජනතාව චෝදනා කරති.

පිටකොටුව ඇතුළු බොහෝ නගරවල භූමිතෙල් ළිප් වල මිල ගණන් මෙලෙස අධික ලෙස ඉහළ දමා ඇතැයිද පැවසේ. තැන තැන ගෑස් පිපිරීමේ සිද්ධීන් සමඟ ජනතාව විකල්ප මාර්ගයක් ලෙස භූමිතෙල් ළිප්වලින් ආහාර පිස ගැනීමට යොමු වූහ.

ඇතැම් වෙළෙඳුන් හිතූ හිතූ අධික මිල ගණන් යටතේ භූමිතෙල් ළිප් අලෙවි කිරීම ඉතාමත්ම අසාධාරණ බවද තමන් ඉතා අපහසුතාවයට පත් කරමින් ඉතා අධික මිලකට භූමිතෙල් ළිප් අලෙවි කරන කූට වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසද ජනතාව වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment