ගෑස් නොදී වසාගිය හැටන් වෙළෙඳසල විවෘත කළ පොලිසිය සහ දිසාපති පාරිභෝගිකයන්ට ගෑස් සිලින්ඩර බෙදාහරී

370

හැටන් නගරයේ පිහිටි ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයා සමාගම විසින් ඊයේ (08 දා) ලබාදුන් ගෑස් තොග පාරිභෝගිකයන්ට ලබා නොදී වසාගිය වෙළෙඳසැලක් නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව වෙළෙඳසැලේ ඉබි යතුරු කඩා එහි තිබූ කිලෝ 12.5 ගෑස් සිලින්ඩර් බෙදා හැරීමට පියවර ගැණින.

එම ගෑස් අලෙවි නියෝජිතයාට ඊයේ සමාගම විසින් ගෑස් සිලින්ඩර් 100 ක් ලබා දුන්නත් ඒ සිලින්ඩර් කිසිවක් පාරිභෝගිකයන්ට ලබා නොදුන් බව පෝලිම්වල රැුඳී සිටි

පාරිභෝගිකයන් කියා සිටියහ. දිස්ත‍්‍රික් ලේකම්වරයා සහ පොලිසිය වෙළෙඳසැල කඩා පරීක්ෂා කිරීමේදී ඒ තුළ කිලෝ 12.5 ගෑස් සහිත ගෘහස්ත ගෑස් සිලින්ඩර් 48 ක් තිබූ අතර, ඉතිරි ගෑස් තොගය එහි නොතිබුණි. පාරිභෝගිකයන් කියා සිටින්නේ එම අලෙවි නියොජිතයා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටීම නිසා ඉතිරි ගෑස් තොගය ඉතා සූක්‍ෂම ලෙස සඟවන්නට ඇති බවයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment