ගෑස් පිපිරීමකින් නිවසක් ගිනිබත් වේ

312

ගෑස් කාන්දුවීමක් හේතුවෙන් කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ නිවසක් ගිනිගෙන සම්පුර්ණයෙන් විනාශ වී තිබේ.
අද (27) දින අළුයම මෙම නිවසේ හිමිකාරියගේ දියණිය විසින් ඇගේ වයස අවුරුද්දක පමණ කුඩා දැරියට කිරී සෑදිම සදහා ගෑස් උදුන දල්වා සුළු වේලාවකින් ගෑස් සිලින්ඩරයෙන් විශාල කාන්දුවක් සිදුවු බවත් ඒ සමගම උදුන පුපුරා ගොස් ගෑස් ගිනි ගැනිමකට ලක්ව ඇති බව නිවැසියන් කල්පිටිය පොලිසිය හමුවේ පවසා තිබේ.
මෙම නිවසේ වහලය සම්පුර්ණයෙන් තහඩු වලින් සකසා තිබී ඇති අතර ලී භාවිතා කර බිත්ති සකසා තිබිණී.
ගෑස් කාන්දුව සිදුවී නිවස ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ නිවසේ කුඩා දැරිය ඇතුළු හත් දෙනෙකු රැුදී සිට ඇත. ගිනි ගැනීමත් සමගම නිවෙස තුලින් ඔවුන් එළියට පැණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment