ගෑස් පිපිරීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා මුජිබර් රහුමාන්

90

‘‘ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිලි කරලා මාසයක් වෙනවා. නමුත් ඒ ගෑස් සමාගම්වලට එරෙහිව මෙතෙක් නීතිමය පියවරක් අරගෙන නැහැ. ඒ නිසා අපි මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා’’ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් මහතා ‘දිවයින’ට ඊයේ (07 වැනිදා* පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ නිසියාකාරව සිදු නොකිරීම පිටුපස දේශපාලන බලපෑම් ඇති බවට සැකයක් මතුව ඇතැයි ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙසේ ද කියා සිටියේය.

ලංකාවේ පොලිසිය කියන්නේ යම් අපරාධයක් වුණාම එහි සුලමුල ඉක්මනින් හොයාගන්න දක්ෂ නිලධාරීන් ඉන්න තැනක්. නමුත් මේ ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීම්වලින් මරණ 7 ක් වෙලා තව 1000 කට වැඩි සිද්ධි ප‍්‍රමාණයක් වෙලා තියෙන වෙලාවේ මේකට වගකිවයුතු බලධාරීන් අත්අඩංගුවට ගන්න පොලිසිය අසමත් වෙලා තියෙනවා.

මේ ගෑස් සමාගම්වල නිලධාරීන් අත්අඩංගුවට ගත්තොත් බාල ගෑස් මේ රටට ගේන්න උපදෙස් දුන්නු දේශපාලනඥයන්ගේ නම් කියන්න වෙනවා. අන්න ඒ නිසයි මේ ගෑස් සමාගම්වලට එරෙහිව පරීක්ෂණ නිසියාකාරව සිදුකරන්නෙ නැත්තෙ. ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසයි මේ සිද්ධිදාමය මේ විදිහට වෙන්නේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment