ගෑස් පිපිරීම්වලට බලපෑ හේතු හෙළිවේ

454


රට පුරා සිදුවන ගෑස් පිපිරීම්වලට බලපෑ ප‍්‍රධානම හේතුවගෑස් සමාගම් මගින් අලෙවි කරන ලද ගෑස්වල සංයුතිය වෙනස්කර තිබීම යැයි ඒ පිළිබ`ද සොයා බැලීමට පත්කළ ජනාධිපති වමර්ශන කමිටුවේ සාමාජික මහාචාර්ය ඩබ්.ඞී.ඩබ්. ජයතිලක මහතා අද පැවසීය.

කමිටුව සිදු කළ විමර්ශනවලදී පිපිරීමට ලක් වූ ගෑස්වල සියයට 42-46 අතර ප්‍රොෆේන් ප‍්‍රමාණයක් අඩංගු බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ද විiාගාරයේදී සිදු කළ පරීක්‍ෂණ මගින් තහවුරු වූ බවද ස`දහන් කළේය.

එසේ ප්‍රොෆේන් ප‍්‍රමණය වැඩිවීමෙන් ගෑස් සිලින්ඩරයේ පීඩනය ඉහළ යෑම නිසා එය දරාගත නොහැකි වූ ගෑස් ලිප් ඇතුළු උපාංග මෙසේ පිපිරීමට ලක්වූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ සියලූ තත්ත්වයන්ට හේතුව මෙරට ගෑස් සැපයුමේදී ඒ කිසිවක් නියාමනය නොවීම බවද අදාළ කමිටුව සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ගෑස් සැපයීමේදී තත්ත්ව පාලනය පිළිබ`දව එක් සමාගමක කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද කමිටුව නිරීක්‍ෂණය කර තිබේ.

ඇතිවූ සියලූ තත්ත්වයන් මූලික කර ගනිමින් ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති නොවීම ස`දහා පාරිභෝගික අධිකාරිය, කාර්මික තාක්‍ෂණ ආයතනය, ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව, ප‍්‍රමිති ආයතනය සහ ගෑස් සමාගම් වෙත නිර්දේශ විසිපහක් ඉදිරිපත් කිරීමටද කමිටුව පියවර ගෙන ඇත.

අදාළ කමිටුව සිදු කළ නිරීක්‍ෂණවලදී ලිට්රෝ ගෑස් සමාගමේ යටිතල පහසුකම් සම්බන්ධයෙන්ද ගැටලූ පවතින බවට අනාවරණය වී ඇති අතර මෙරටට ආනයනය කිරීමෙන් පසු ගෑස් මිශ‍්‍ර කිරීම, ප‍්‍රමාණවත් ගබඩා පහසුකම් ඇතුළු තත්ත්වයන් වර්ධනය විය යුතු බවද කමිටුව එම සමාගමට දැනුම දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment