ගෑස් පිපිරීම්වලට වන්දි දෙනවා – පො පෙ. මන්ත‍්‍රී මිලාන් ජයතිලක

118

ගෑස් පිපිරීම්වලට හේතුව සංයුතියේ හා අදාළ  සමාගම්වල ප‍්‍රශ්නයක් නම් හානි සිදුවූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක මහතා පැවසීය.

මේ සම්බන්ධව සාකච්ඡුා කළ බව පැවසූ මන්ත‍්‍රීවරයා උදුන්වල හා රෙගයුලේටර්වල ප‍්‍රමිතිය පිළිබඳවද වහාම පරීක්‍ෂණයක් කිරීමට තීරණය කළ බවත් පැවසීය.

පසුගිය කාලයේදී මිල මත පදනම්ව ප‍්‍රමිතියෙන් අඩු භාණ්ඩ මෙරටට ගෙන්වා තිබු බවත් ඉදිරියේදී ගුණාත්මක බවින් උසස් නිෂ්පාදන ගෙන්වීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය.

පිපිරීම්වලට භාජනයවී තිබෙන්නේ ගෑස් සිලින්ඩර් නොව ගෑස් උදුන් හා රෙගයුලේටර් බැවින් එම උපාංගවල ප‍්‍රමිතිය පිළිබඳව වහා සොයා බැලිය යුතු බවද ඒ පිළිබඳව පරීක්‍ෂණ කරන ලද විද්වතුන් ප‍්‍රකාශ කර ඇති බවත් පැවසීය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment