ගෑස් පිපිරීම් 620 ක්

645

ඉකුත් ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා කාලයේදී රටපුරා ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත පිපිරීම් සිද්ධීන් 620 ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘‘දිවයින’’ට ඊයේ (10 වැනිදා* පැවැසීය.

එසේම නොවැම්බර් මාසයේදී පමණක් ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත පිපිරීමේ සිද්ධීන් 117 ක් වාර්තා වී ඇතැයිද හෙතෙම කීය.

එමෙන්ම ගතවූ පැය 24 ක කාලයේදී පමණක් මෙම සිද්ධීන් 36 ක් වාර්තා වන බවද හේ කියා සිටියේය. මෙම ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත පිපිරීමේ සිද්ධීන් අතර ගෑස් ලිප් පිපිරීම, ගෑස් බට කාන්දුවීම්, රෙගියුලේටරය අතරින් ගෑස් කාන්දුවීම් වන බවද හෙතෙම කීය.

මෙම ගෑස් ලිප් ආශ‍්‍රිත පිපිරීමේ සිද්ධීන් කොළඹ, ඇල්පිටිය, කෑගල්ල, ගම්පහ, ඇඹිලිපිටිය, අනුරාධපුර, මොණරාගල, මාතලේ, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය ඇතුළු තවත් ප‍්‍රදේශ රැුසකින්ම වාර්තා වී තිබේ. මෙම සිද්ධීන්වලදී එක් මරණයක් වාර්තා වී ඇති අතර නිවාස හෝටල් ඇතුළු දේපළ හානි ද වාර්තා විය. මේ අතර ගෑස් ලිප් ආශ‍්‍රිත පිපිරීමේ සිද්ධියක් නම් 119 පොලිස් හදිසි ඇමැතුම් අංශයට හෝ ළ`ගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment