ගෑස් පිපිරී මියගිය මව වෙනුවෙන් විජයදාස ඇතුළු නීතිඥ මණ්ඩයක් නොමිලේ ඉදිරිපත්වෙයි

241

මහනුවර, නත්තරම්පොත ප‍්‍රදේශයේදී ගෑස් පිපුරුමකින් සිරුරට ගිනි ඇවිලී මියගිය සිව්දරු මවට යුක්තිය ඉටුකිරීම සඳහා තමා ඇතුළු නීතිඥ මඬුල්ලක් නොමිලේ පෙනී සිටින බව ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට පැවැසීය.

මෙම මව මෙයාකාරයට මියයෑම කනගාටුදායක සිද්ධියක් බවද ඇය වෙනුවෙන් ඇයගේ දරුවන්ට හා සැමියාට සාධාරණ වන්දියක් ලබාදිය යුතු බවද ඒ මහතා කීය.

මියගොස් සිටින අශෝකා පි‍්‍රයංගනී (51) මහත්මියගේ සැමියා මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව ලැබුණ පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටී. මීට අමතරව පාරිභෝගික අධිකාරියද සිද්ධිය පිළිබඳ වෙනම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

නෝමන් පළිහවඩන, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment