ගෑස් පිපිරුමෙන් සිව්දරු මව මියයෑම – කෝටි 10ක වන්දියක් ඉල්ලනවා

1023

* මෙවන් විපත් කාටවත් නොවේවා – මියගිය ප‍්‍රියංගනීගේ සැමියා

* නැතිවුණු ජීවිතය මුදලින් ආපසු අපට ගන්න බැහැ

* මට මගේ බිරිඳත් දරුවන්ට අම්මාත් නැති වුණා

ගෑස් පිපිරුමෙන් සිව්දරු මව මියයෑම - කෝටි 10ක වන්දියක් ඉල්ලනවා

‘‘මට මේ දුක උහුලගන්න බෑ. මගෙ දරු පැටවුන්ට දැන් අම්මෙක් නෑ. ඒ අයට ආදරය රැුකවරණය දෙකම නෑ. මම කොහොමද මේ දරුවෝ ටිකත් හදාගෙන උන්ට උගන්න ගන්නෙ. මෙවන් විපතක් තව කෙනෙකුට අත්වෙන්න ඉඩ දෙන්න එපා. අපිට කාත් කවුරුවත් නෑ. ඒ හින්දමයි මම ගෑස් සමාගමෙන් වන්දි ඉල්ලන්නේ. රජය මේකෙ වගකීම සම්පූර්ණයෙන්ම භාරගත යුතු යැයි මාතලේ, විල්ගමුව පිදුරුවැල්ල, දේවගිරිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ගෑස් කාන්දු වී පිළිස්සී මියගිය ඩබ්ලිව්. පි‍්‍රයංගනී (51* ගේ සැමියා වන සුදත් නිශාන්ත සිරිමාන්න මහතා කියා සිටී.

ගෑස් පිපිරුමෙන් සිව්දරු මව මියයෑම - කෝටි 10ක වන්දියක් ඉල්ලනවා

ගෑස් කාන්දු වීමෙන් මේ වනවිට මෙරට තිදෙනෙක් මියගොස් ඇත. ඒ තිදෙනාගෙන් එක් කාන්තාවක සියදිවි නසා ගත් බවට පාර්ලිමේන්තුවේදී කියවුණා මතකය. මීට පෙරාතුව මාතලේ, උඩුපිහිල්ල අංක 62 දරණ නිවසේ චන්ද්‍රිකා කුමාරි (68) ගෑස් පිපිරුමකින් පිළිස්සී මිය ගියාය. ඇයත් දින විස්සක් මාතලේ රෝහලේ ප‍්‍රතිකාර ලැබුවාය. ඇගේ ජීවිතය ද නිරපරාදේ විනාශ වී ගියේ ගෑස් කාන්දුවකට පව් ගෙවමිනි.

ගෑස් පිපිරුමෙන් සිව්දරු මව මියයෑම - කෝටි 10ක වන්දියක් ඉල්ලනවා

ඉකුත් 10 වැනිදා සිකුරාදා දිනයේදී මහනුවර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සිවුදරු මව මියයෑම නම් ගෑස් ලිප පිපිරී සිදුවූවක් බවට මේ වනවිට තහවුරු වී ඇත. ඒ නිසා ගෑස් අනතුරුවලින් මියගිය, තුවාල ලැබූ දේපළ හානි සිදු වූ සියල්ල බොරු වුවත් මේ කියන කතාව පමණක් මුළු රටම අවදි කිරීමට ප‍්‍රමාණවත් වනු ඇතැයි අපගේ කල්පනාවය.

ගෑස් පිපිරුමෙන් සිව්දරු මව මියයෑම - කෝටි 10ක වන්දියක් ඉල්ලනවා


ඩබ්ලිව්. පි‍්‍රයංගනී ගෘහනියකි. ඇය සිවු දරු මවකි. සැමියා මාතලේ, විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකි. ඔහු නමින් සුදත් නිශාන්ත සිරිමාන්නය (52).

මේ දරු පවුලේ වැඩිමල් පුතු මහනුවර ප‍්‍රධාන පෙළේ පාසලක ගණිත අංශයෙන් උසස් පෙළ හැදැරූ දරුවෙකි. දෙවැනි පුතුත් මහනුවර උසස් පාසලක අ.පො.ස. උසස් පෙළට සූදානම් වන්නේ වාණිජ විෂය ධාරාවෙනි. තුන්වැනි දරුවා දියණියකි. ඇයත් මහනුවර උසස් බාලිකාවක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටින්නීය. බාලම දරුවා දියණියකි. ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටින ඒ දරුවා ද මවගේ හදිසි වියෝවෙන් අන්දමන්දව ගොසිනි.

මේ පවුල දෙස බලන ඕනෑම අයෙකුට එක දෙයක් පැහැදිලි විය යුතුය. ඒ දරුවන්ගේ ඉගෙනීමේ දක්ෂ තාවයයි. මවගෙත් පියාගෙත් එකම පැතුම දරුවන් හතර දෙනාටම හොඳට ඉගැන්වීමය. ඒ නිසාම බිරිඳ දරුවන් තිදෙනකු සමඟ මීට මාස තුනකට පමණ පෙර මහනුවර, නත්තරම්පනාව ප‍්‍රදේශයේ කුලී නිවසකට පදිංචියට ආවේ බොහෝ දේ කැප කරමිනි.

ගෑස් පිපිරුමෙන් සිව්දරු මව මියයෑම - කෝටි 10ක වන්දියක් ඉල්ලනවා

සුදත් ශාන්ත කුමාරගේ රැුකියාව විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වුවත් දරුවන් සිවුදෙනාම මහනුවර පාසල්වල ඉගෙනගත් නිසා මාතලේ, විල්ගමුව, පිදුරුවැල්ල, දේවගිරිය ඔවුන් පදිංචි නිවස හැර දමා යන්නට සිදු වී තිබිණි. ඒ නිවසේ සිටියේ මේ දරුවන්ගේ පියා සහ වැඩිමහල් පුතු පමණි.

දිනය ඉකුත් 01 වැනිදාය. වසංගතයෙන් පසු පාසල් ආරම්භ වීම නිසා පි‍්‍රයංගනී, කුකුළා හ`ඩලන්නට පෙර අවදි වූයේ දරුවන්ට ආහාර පිසීම සඳහාය. ලබන මාසයේ ශිෂ්‍යත්වයට පෙනී සිටින බාලම දියණියටත් උසස් පෙළට සූදානම් වන දෙවැනි පුතුටත්, 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියටත් ආහාර පිසීම සඳහා ඇය කුස්සියට ආවේ අලූයම 3.44 ට පමණය. එසැණින් මහා පිපිරුම් හඬක් ඇසුණේ අඩ නින්දේ සිටි දරුවන්ටය.

විභාගය ලිවීමට සිටින පුතු ඒ සිද්ධිය ‘දිවයින’ට විස්තර කළේ මෙලෙසිනි.

‘‘කුස්සිය පැත්තෙන් ලොකු ශබ්දයක් ඇහුණා. අපි එතැනට දුවගෙන ගියා. කුස්සියේ දොර ලොක් වෙලා. මම දොරට ගහලා කෑ ගැහුවා. ඒත් කිසිම සද්දක් නෑ. පස්සෙ මම දොර කඩලා කුස්සියට ඇතුල් වුණා. අම්මා බිම වැටිලා හිටියෙ. මාව පිච්චෙනවා ඉන්න බෑ කියලා අම්මා කෙඳිරි ගාන්න ගත්තා. අම්මා කිව්වේ ලිප පත්තු කළා විතරයි දන්නෙ කියලා. මම දුවගෙන ගිහින් ෆෝන් එක අරගෙන මාතලේ ඉන්න තාත්තට කතා කළා. තාත්තා ? ෆෝන් එක ඕෆ් කරන්නෙ නෑ. ඒ අතරේ තමයි අල්ලපු ගෙදර අන්කල් ඇවිත් අම්මව රෝහලට අරගෙන ගියේ.’’ පුතු කියා සිටියේය.

ගෑස් පිපිරීමෙන් සිරුරට ගිනි ඇවිලී සිටි පි‍්‍රයංගනී මහනුවර රෝහලට ගෙන ගියේ ඉකුත් 01 වැනිදා අලූයමය. එදවස සිට දින දහයක පමණ කාලයක් ඇයට ප‍්‍රතිකාර කළත් ඇය මරණයට පත්වූයේ දරුවන් සිවුදෙනකුගේ අනාගත බලාපොරොත්තු බොඳකර දමමිනි.

මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව පි‍්‍රයංගනීගේ සැමියා වන සුදත් නිශාන්ත කුමාර මහතා ‘දිවයින’ට මේ අවාසනාවන්ත සිද්ධිය විස්තර කළේ මේ ආකාරයටය.

‘‘මම ෆෝන් එක ?ට ඔෆ් කරන්නෙ නෑ. එදා පාන්දර 3.44 ට කෝල් එක එනකොට මට බයක් දැනුණා. පොඩි පුතා කියපු දේ අහලා මට උන්හිටිතැන් අමතක වුණා. රට පුරාම ගෑස් පිපිරීම් ගැන මම දැනුවත් වෙලයි හිටියේ. මම පදිංචි ගෙදර ඉඳලා දරුවොයි බිරිඳයි ඉන්න ගෙදරට කිලෝමීටර් 100 ක් විතර තියෙනවා. මම ඒ වෙලාවෙම බයිසිකලේ නැගලා නත්තරම්පොතට ගියා. බිරිඳ දින දහයක් පමණ රෝහලේ සිටියත් ඇය මිය යයි කියලා හිතුවෙ නෑ. මට මේක හිතාගන්න බෑ. හද වාවන්නෙ නෑ. දරුවො හතරදෙනාගෙ ඉගෙනීම් කටයුතු ඔක්කොම බැලූවේ බිරිඳ? එයාගෙ අඩුව මකා ගන්නෙ කොහොමද?

මේක මහ අපරාධයක්. මේ අපරාධෙට වගකියන්න කවුරුත් නෑ. පාර්ලිමේන්තුවේ අය දෙපැත්තට බෙදිලා බොරුවට කෑ ගහනවා විතරයි. කිසිම දේකට විසඳුමක් නෑ. ගෑස් ලිප් ගිනි අරන් පිපිරීම් වන සිද්ධි හැමතැනින්ම වාර්තා වුණා. මේ පාලකයෝ මොනවද කළේ.

සමාගම්වලට යට වෙලා. වෙන රටවල්වල ආණ්ඩු තමයි සමාගම් පාලනය කරන්නෙ. නමුත් අපේ රටේ සමාගම් තමයි ආණ්ඩු පාලනය කරන්නෙ. ලජ්ජයි. කනගාටුයි. මේ වගේ විපතක් තවත් කෙනෙකුට වෙන්න දෙන්න බෑ. අපි පොලිසියට පැමිණිලි කළා. මේ වෙච්ච විනාශය මුදල්වලින් පිරිමහගන්න බෑ. ඒත් මම වන්දි ඉල්ලලා නඩු පවරනවා. රුපියල් කෝටි දහයක් වන්දි ඉල්ලනවා. ඒකත් මට ප‍්‍රමාණවත් නෑ. බිරිඳගෙ අඩුව, මවගෙ අඩුව පිරිමහගන්න මුදල්වලින් බෑ. මේකට අදාළ ගෑස් සමාගම වගකිව යුතුයි. ආණ්ඩුවත් වගකිව යුතුයි. මට දරාගන්න බෑ. මොනවද කරන්නෙ කියලා මට හිතාගන්න බෑ. ගෑස් සමාගමටත්, රජයටත් විරුද්ධව නඩු මඟට පිවිසෙන්න දැනටමත් කටයුතු කරමින් යනවා. මම මේ නඩු කියන්නේ මගේ බිරිඳවත් දරුවන් වෙනුවෙන්වත් නොවෙයි. මේ රටේ මෙවන් වූ ඛේදනීය ඉරණම්වලට ගොදුරු වන අහිංසක ජීවිත වෙනුවෙන්.’’ ඔහු යටිහිතේ කැකෑරෙන වේදනාව අමාරුවෙන් වචන බවට පත් කරමින් කියා සිටියේ මහත් සංවේගයෙනි.

ගෑස් පිපිරීම් රට හැමතැනම සිදුවුවත් වගකිවයුත්තන් ඊට නිසි විසඳුමක් ලබා දුන්නේ නැත. ගෑස් සමාගම්වල උදවිය ගෑස් කාන්දුවීම හා ගිනි ගැනීම් ගැන කතා කළේ සැහැල්ලූවෙනි. ‘‘කොහොමටත් මේ වගේ සිද්ධි වෙනවා. සමාජ මාධ්‍ය හා අනෙක් මාධ්‍ය ලබාදෙන ප‍්‍රචාරය හින්ද තමයි මේ තත්ත්වය ඇති වුණේ. වන්දි දෙන්න සූදානමක් නෑ. වන්දි දෙන්න තරම් ලොකු සිද්ධීන් තාම වෙලා නෑ’’ යැයි ඉකුත් දිනක පුවත්පත් සාකච්ඡුා තබමින් සමාගම්වල අය කී කතා පුදුම කතාය.

දැන් මේ සිද්ධියත් සාමාන්‍ය සිද්ධියක් ලෙස යමෙකු සැලකීමට බැරිකමක් නැත. මොකද මියගොස් ඇති කාන්තාව මේ අයගේ කවුරුවත් නොවන නිසාය. නමුත් දරුවන් හතර දෙනකුට තම ආදරණීය මව අහිමිව ගොසිනි. සැමියකුට සිය පි‍්‍රය බිරිඳ නැත. දරු පවුලක්ම සීසීකඩය. ඒ දුක නොතේරෙන අමනයන්ට මෙය තවත් එක් සිද්ධියක් පමණක් වීම අරුමයක් නොවනු ඇත.

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා. ඒ හිරු එළියෙන් ණැන මල් පිපුණා. ඒ මල් සුවඳින් ගීතය ඇසෙන ඇසෙන හැම මොහොතකම මේ දරුවන්ගේ නෙත`ගට නැෙඟන කඳුළැලි පිසින්නට කෙනෙක් නැත. ඒ උදාර මවකගේ ආදරණීය සෙනෙහස, රැුකවරණය හොරු ගෙන ගොසිනි. ගෑස් සංයුතිය වෙනස් වී නැතැයි කෑ මොර දෙන පිරිසට මේ පවුලේ සෝබර දසුන් නොපෙනෙන බව ද ඇත්තය. අඩුම තරමින් තවත් පවුලකට ඒ අවාසනාවන්ත ඉරණම අත්වන්නට ඉඩ නොදිය යුතුය. මුළු රටම ඉල්ලන්නේ ඒ ඉල්ලීම පමණක් බව අපි ලියා තබමු.

මියගිය අශෝකා පි‍්‍රයංගනී මහත්මියගේ අවසන් කටයුතු අද (14 දා) විල්ගමුව, දේවගිරියේදී සිදු කිරීමට නියමිතය.

ශිරාන් රණසිංහ, නෝමන් පලිහවඩන,
මහියංගනය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment