ගෑස් පෝලිමෙන් කනක හේරත්ට දෝස්මුරයක්

429

ගෑස් පෝලිමක සිටි පිරිසක් කෑගල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට කෑගල්ල රන්වල ප‍්‍රදේශයේදී හූ කියා විරෝධය පළ කර පහරදීමට උත්සාහ කිරීමේ සිද්ධියක් ඊයේ (21 දා) වාර්තා විය.

රන්වල ප‍්‍රදේශයේ ගෑස් අලෙවිසලක් අසලදී මෙම සිද්ධිය වී තිබෙන අතර පෝලිමේ සිටි පිරිස රාජ්‍ය ඇමැතිවරයාට විරෝධය පළ කරමින් ප‍්‍රධාන පාර අවහිර කර උද්ඝෝෂණයකද නිරත වූහ.

කෑගල්ල දිස්ති‍්‍රක්කයේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ ප‍්‍රධාන අලෙවි නියෝජිතයා රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා බවද ප‍්‍රදේශවාසීහු පවසති. ඊයේ පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යවරයා රන්වල ප‍්‍රදේශය හරහා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ගෑස් මිලදී ගැනීමට පෝලිම්වල සිටි ජනතාව රාජ්‍ය අමාත්‍යවරයා දැක කෑකෝ ගසමින් ඔහුට විරෝධය පළ කර තිබේ.

මෙම සිද්ධියෙන් පසු කෑගල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදයකාන්ත ගුණතිලක මහතා එම මාර්ගය ඔස්සේ යෑමට පැමිණියත් විරෝධතාව සැළවී එම පිරිස මගහැර වෙනත් මාර්ගයක් ඔස්සේ ගොස් තිබේ.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය මගින් ප‍්‍රචාරය වූයේ කනක හේරත් මහතාට යම් අයකු ගෑස් සිලින්ඩරයකින් දමා ගසන්නට උත්සාහ ගත් බවකි. සිද්ධිය සම්බන්ධයෙන් සමාගම්, වතු ප‍්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශි‍්‍රත භෝග වගා කර්මාන්තශාලා නවීකරණ හා තේ හා රබර් අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති කනක හේරත් මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ එවැනි පහරදීමක් සිදුනොවූ බවයි. තමා මෝටර්රථයෙන් බිමට බැස්සේ නැතැයි ද තමා එම ස්ථානයෙන් ගමන්ගත් පසු පිරිසක් බොරු ප‍්‍රචාරයක් කර තිබෙන බවද හෙතෙම පැවසීය.

මෙම සිද්ධියෙන් පසු රාජ්‍ය ඇමැතිවරයාගේ මාධ්‍ය අංශය මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි මෙසේ සඳහන් වේ.

සමාගම් වතු ප‍්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශි‍්‍රත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති කනක හේරත් මහතාට කෑගල්ල රන්වල අලූත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැලක් ඉදිරියේදී ගෑස් සිලින්ඩරයකින් පහරදී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප‍්‍රවෘත්තිය අමාත්‍යතුමන් අපහසුතාවයට මෙන්ම අපහාසයට ලක් කිරීමේ අරමුණෙන් ප‍්‍රචාරය කළ සාවi එකක් බවට වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන්නෙමු. එම අසත්‍ය පුවත් ප‍්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් කි‍්‍රයා මාර්ග ගෙන තිබේ.

නෝමන් පළිහවඩන, කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment