ගෑස් පෝලිමේදී සිහිසුන් වූ පුද්ගලයා රෝහල්ගත කෙරේ

49

පැය කිහිපයක් වාද්දුව ගෑස් පෝලිමේ සිටි පුද්ගලයකු ඊයේ (21 දා) පෙරවරුවේ සිහිසුන්ව ඇදවැටී රෝහල් ගතකර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ වාද්දුව, තල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පැවසේ.

එදින ගෑස් නිකුත් කිරීම සිදුකරන බවට ලද තොරතුරක් මත ඒ සඳහා නිකුත් කරන ටෝකන් පතක් ලබාගැනීමට සිටියදී උදෑසන 9.00ට පමණ සිහිසුන්ව ඇදවැටී ඇත. ඒ සමගම අවට සිටි පිරිස 1990 ගිලන් රථයෙන් ඔහු මූලික රෝහලට රැගෙන ගොස් ඇත.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

 

advertistmentadvertistment
advertistmentadvertistment