ගෑස් පෝළිමේ එළිවෙනතුරු සිට මූණ හෝද ගන්න පානදුරෙන් ගඟට බැස්ස සිව්දරු පියා අතුරුදන් – ගිළුණු අය සොයන්න ගඟේ මෙහෙයුම්

90

රැය පහන් වනතුරු ගෑස් පෝළිමේ සිටි සිව්දරු පියකු මුහුණ සෝදා ගැනීමට පානදුරෙන් ගඟට බැස සිටියදී දියේ ගිලී අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලක් මත පානදුර පොලිස් සහ නාවික ජීවිතාරක්ෂක නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කර ඇත.

ගෑස් පෝළිමේ එළිවෙනතුරු සිට මූණ හෝද ගන්න පානදුරෙන් ගඟට බැස්ස සිව්දරු පියා අතුරුදන් - ගිළුණු අය සොයන්න ගඟේ මෙහෙයුම්

ඇල්පිටිය, දම්මනවත්ත, තුන්දූව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සමන්ත පුෂ්පකුමාර නමැති සිව්දරු පියෙකු මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත.

මේ පුද්ගලයා පානදුර ප්‍රදේශයේ නැවතී සිට පෙදරේරු වැඩවල නිරත වන අයෙකි. මේ දිනවල පවතින සිමෙන්ති හිඟය නිසා, මුදල් අයකිරීම් මත ගෑස් පෝළිමේ රැඳී සිට ඇත. ඉකුත් 3 දා රාත්‍රී රැය ගෑස් පෝළිමේ සිට මුහුණ සේදීමට පෙරේදා (04 දා) පානදුර ගඟට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය ඇසින් දුටූ, පානදුර, එළුවිල ප්‍රදේශයේ පදිංචි වසන්ත පුෂ්පකුමාර මහතා මෙසේ කීවේය. “සමන්ත මා එක්ක මේසන් වැඩවල යෙදෙනවා. මේ දවස්වල සිමෙන්ති නැති නිසා අපි කුළියට ගෑස් පෝළිමේ ඉන්නවා. ඊයේ රෑ එළිවන තුරු පෝළිමේ ඉඳලා මුහුණ සෝදගෙන එන්න ගඟට ගියා. සමන්ත ගඟට බැස්සා. එයා දෙවරක් ගඟේ ගිලී නොපෙනී ගියා.”

පානදුර පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීහු මෙහෙයුම් සිදුකරති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම, පානදුර – දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment