“ගෑස්” බස්සන්න ලිපක් එයි

6719

ගෑස් ප්‍රශ්නයට විසඳුමක් ලෙස දර සොයා ගත නොහැක නාගරික ජනයාට සහ මහල් නිවාසවල වෙසෙන ජනයාට ද පහසුවෙන් භාවිතා කළ හැකි අලුත් ලිපක් ඉතා ඉක්මනින් ජනතාවට හඳුන්වාදීමට පියවර ගන්නා බව කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.පොල් කටු අඟුරු භාවිතා කරන එවැනි ලිප් වර්ග කිහිපයක සම්පල් කාර්මික සංවර්ධන මණ්ඩලය නිර්මාණය කළ ඇති බවත් ඉ න් එක් ලිපක් තෝරාගෙන හොඳ ප්‍රමිතියකින් යුතුව වාණිජ වශයෙන් නිපදවා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා සඳහන් කf්ය.මේ සඳහා සති දෙකක පමණ කාලයක් ගත වනු ඇති බව ද ඇමැතිවරයා කීවේය. මේ සඳහා අවශ්‍ය පොල්කටු අඟුරු ද නිෂ්පාදනය කර වෙළෙඳපොළට සැපයීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment