ගෑස් මිල උස්සයි – ලිට්රෝ ගෑස් කි. ග‍්‍රෑම් 12.5 නව මිල 2750, ලාෆ් ගෑස් කි. ග‍්‍රෑම් 12.5 ක – 2840, ලිට්රෝ කි. ග‍්‍රෑම් 5 – 1101 යි, ලාෆ් ගෑස් කි. ග‍්‍රෑම් 5 – 1135 ලිට්රෝ ගෑස් කි. ග‍්‍රෑම් 2.5 – 520 යි

650

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස්, සිමෙන්ති සඳහා රජය විසින් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ අත්සනින් ඉකුත් 08 වැනිදා මධ්‍යම රාත‍්‍රී නිකුත් කිරීමත් සමග කිරිපිටි ආනයනකරුවන්, ගෑස්, සිමෙන්තිවල සහ තිරිඟු පිටි සැපයුම්කරුවන් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ගෑස් මිල උස්සයි - ලිට්රෝ ගෑස් කි. ග‍්‍රෑම් 12.5 නව මිල 2750, ලාෆ් ගෑස් කි. ග‍්‍රෑම් 12.5 ක - 2840,  ලිට්රෝ කි. ග‍්‍රෑම් 5 - 1101 යි, ලාෆ් ගෑස් කි. ග‍්‍රෑම් 5 - 1135 ලිට්රෝ ගෑස් කි. ග‍්‍රෑම් 2.5 - 520 යි


ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකේ පැකට්ටුවක මිල රුපියල් 250 කින් සහ ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දමා තිබේ. මෙම මිල ඉහළ දැමීමත් සමග කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1195ක් හා ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස ඉහළ යනු ඇත.

මේ අතර තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තිරිඟු පිටි සැපයුම්කරුවන් සහ රජය එකඟතාවකට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් ප‍්‍රීමා පිටි සමාගමේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 15ත් 20ත් අතර මිලකින් ඉහළ දැමීම පිළිබඳව අවසන් තීරණය අද (11වැනිදා) දැනුම් දෙන බවය.

එමෙන්ම කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 200 කින් පමණ ඉහළ දැමීමට සිමෙන්ති සැපයුම්කරුවන් යෝජනා කර තිබේ. එවිට කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1205ක් දක්වා ඉහළ යනු ඇත.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment