ගෑස් මිල වැඩි කරන්න වේවි – ඇමැති ලසන්ත අලගියවන්න

442

දැනට පවතින තත්ත්වය අනුව මේ වනවිට වෙළෙඳපොළේ පවතින මිලටත් වඩා අඩුවෙන් ගෑස් ලබාදිය හැකි වුවත්, ඉදිරියේදී ගෑස් මිල වැඩි කිරීමට සිදුවන බවත් සමුපකාර සේවා, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා* පැවසීය.

ලෝක වෙළෙඳපොළේ දී ගෑස් මිල ගණන් ඉහළ යෑම මත මෙරට ගෑස් වෙළෙඳපොළ නැංවීමට සිදුවන බව 27/2 යටතේ ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා විසින් විමසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ගෑස් මිල රුපියල් 217 කින් වැඩි කිරීමට ලිත්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් ඉල්ලීම් කළ ද පසුගිය කාලයේදී එසේ නොකොට රුපියල් 60 කින් බදු අඩු කිරීම සිදුකළ බවත් ඒ මහතා කීය.

කෙසේ වෙතත් ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක් ඩොලර් 800 ට ඉහළ ගොස් ඇතැයි ද ඉදිරියේදී එය තවත් වැඩිවිය හැකි බැවින් තවදුරටත් ගෑස් මිල වැඩි කිරීමට සිදුවන බව ද ඇමැතිවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment