ගෑස් මිල හෙට සිට පහළට

277

ලිට්‍රෝ ගෑස් මිල හෙට (08 දා) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ පහළ යෑමට නියමිතය.

හෙට (08 දා) පවත්වන කැබිනට් මණ්ඩලයේදී පහත දමන මිල ගණන් අවසන් වශයෙන් තීරණය කරන බවද සභාපතිවරයා කීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ඇතුළු ගෑස් මිල පහළ යනු ඇතැයි ද මේ වනවිට හිඟයකින් තොරව ගෑස් බෙදාහැරීම සිදු කරන බවද ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment