ගෑස් මෙට්‍රික්‌ ටොන් ලක්‍ෂයක් ගන්න ගිවිසුම් අත්සන් කරයි

100

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම එල්පී ගෑස් මෙට්‍රික්‌ ටොන් 100,000 ක් ලබාගැනීමට ඊයේ (30දා) ගිවිසුම් අත්සන් කර ඇත.

මෙම මුළු ගෑස් තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 ලිට්‍රෝ සමාගම විසින් ලබා දී ඇත. මෙම ගෑස් තොගය මාස හතරකට රටට ගෑස් සැපයීමට ප්‍රමාණවත් වනු ඇති අතර මේ ගෑස් තොගයෙන් සියයට 70ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇත.

මෙයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියනයක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියනයක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. ඉතිරි සියයට 30 ක ප්‍රමාණය වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇත.

ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද ගෑස් මෙට්‍රික්‌ ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඒවා බෙදා හැරීම වහාම ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment