ගෑස් මෙට්‍රික්‌ ටොන් ලක්ෂයක් ගෙන්වන්න ලිට්‍රෝ සාකච්ඡා අරඹයි

215

ගෑස් මෙට්‍රික්‌ ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා මූලික වටයේ සාකච්ඡා සිදු කෙරෙන බව ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ගෑස් සපයන ඕමාන් සමාගම සමග මෙම සාකච්ඡා සිදු කෙරෙන බව පැවසූ සභාපතිවරයා ඉදිරියේදී මෙරටට ගෙන්වා ගත හැකි ගෑස් නැව් පිළිබඳව නිල වශයෙන් අද දැනුම් දීමට හැකිවනු ඇතැයි ද පැවසීය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව ගෑස් අපේක්ෂාවෙන් දින ගණනක සිට පෝලිම්වලට වී සිටිති.

පසුගිය 14 වැනිදා ගොඩබෑ ගෑස් ප්‍රමුඛතා මත ලබාදීමට පියවර ගෙන තිබූ අතර ගෘහස්ථ ගෑස් සීමිත ප්‍රමාණයක් පමණක් බෙදා හැර තිබිණි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment