ගෑස් රුපියල් 750කින් වැඩිවන ලකුණු

451

ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750 කින් වැඩි කිරීමට සිදුවනු ඇතැයි ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් පවසයි. .ජාත්‍යන්තර ගෑස් මිල ඉහළ යාම නැව් ගාස්තු රක්ෂණ ගාස්තු ඩොලරයේ මිල ඉහළ යාම ආදී හේතූන් මත මෙම මිල වැඩි කිරීම සිදු කළ යුතු බව එම සමාගම් ආරංචි මාර්ග කියා සිටිය.දැනට ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක් ඩොලර් 900 දක්වා ඉහළ ගොස් ඇති අතර නැව් ගාස්තු 31% කින් වැඩි වී ඇත.මෙම තත්වයන් නිසා ගෑස් මිල වැඩිවීම ඉක්මනින්ම සිදු ඇතැයිද රජයේ ආරංචි මාර්ග කියා සිටී.ඒ අනුව දැනට රුපියල් 2750ක් වන 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3500 ඉක්මවූ මිල වැඩි කිරීමක් සිදු වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment