ගෑස් ලිප් පිපිරීමේ පෙත්සමක් විභාගයට

143


ගෑස් උදුනක් පිපිරීමෙන් මියගිය කුණ්ඩසාලේ නත්තරම්පොත ප‍්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකගේ සැමියා සහ දරුවන් සිව්දෙනා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද අවසර දුන්නේය.
2021 වසරේ දෙසැම්බර් මස 01වැනිදා සිය බිරිද වන අශෝකා ප‍්‍රියංගනී ගෑස් ලිප දැල්වීමේදී එය පුපුරා ගොස් බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසු දෙසැම්බර් 11 වැනිදා මිය ගිය බවත් සැමියා වන ආර්.ඩී ශාන්ත කුමාර සිරිමාන්න මහතා සිය පෙත්සම මගින් සඳහන්කර ඇත.මෙලෙස අනතුරුදායක ගෑස් සිලින්ඩර අලෙවිකිරීම සම්බන්ධව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති,අධ්‍යක්ෂ මණ්ඩලය පාරිභෝගික අධිකාරියේ සභාපති ඇතුළු බලධාරීන්ට එරෙහිව සාවද්‍යනොවන මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment