ගෑස් සහ ඉන්ධන ඉල්ලා කොළඹ මාර්ග අවහිර කරති

362

ඉන්ධන සහ ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා අද කොළඹ නගරයේ මාර්ග කිහිපයක් අවහිර කරමින් ගෑස් පාරිභෝගිකයෝ සහ මෝටර් රථකරුවෝ විරෝධතාවයන්හි නිරතව සිටිති.දෙමටගොඩ බේස්ලයින් මාර්ගය අවහිර කරමින් ගෑස් පාරිභෝගිකයෝ විරෝධතාවයක නිරතව සිටින අතර පංචිකාවත්ත වටරවුම මාර්ගය අවහිර කරමින් මෝටර් රථ කරුවෝ විරෝධතාවයක නිරතව සිටිති.මේ වන විට පොලිසිය මැදිහත්වී මාර්ග යළි විවෘත කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment