ගෑස් සිලින්ඩරයක්  වීල් බැරෝවකින් ගෙන ගිය පුද්ගලයා මහමග මරුට

162

පූගොඩ පොලිස් වසමේ ඕවිටිගම අංක 72 ඒ නිවෙසේ පදිංචිව සිටි මුදුනාගලගේ රත්නපාල (64) නමැති අවිවාහක අයෙකු විල්බැරෝවක් මගින් ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට යමින් සිටියදී වෙළෙඳසැලට මීටර් 50 ක් පමණ ආසන්නයේ දී මහමඟ ඇද වැටී මියගොස් ඇත.

පූගොඩ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය විජේසිංහ හපුආරච්චි මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබිණි. පූගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පො. ප. චන්ද්‍රසේන මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

කිරිඳිවැල – සෝමපාල තැලිගම

advertistmentadvertistment
advertistmentadvertistment