ගෑස් සිලින්ඩරයකින් බැලුම් පුම්බලා: කොමිසමේ අංකයක් තිබේ නම් පරීක්‍ෂණ සඳහා තොරතුරු දෙන්නම්ලු!

299

කුලියාපිටිය ඇපලදෙණිය ප‍්‍රදේශයේ නිවසක ගෑස් ටැංකියක් කාන්දුවන බව එම සිලින්ඩරයේ කටට බැලූම් බෝලයක් ගසා එය ශීඝ‍්‍රයෙන් පිම්බීමෙන් සොයාගත් අයකු අදාළ ගෑස් සිලින්ඩරය නිවසේ සිට මීටර ගණනාවක් දුරට ගෙන ගොස් තිබිණි.

එම නිවැසියා පැවසූයේ ගෑස් ටැංකිය කුලියාපිටිය අලෙවි නියෝජිතවරයකුගෙන් ලබාගත් බවත් තමන් බැලූම් බෝල කිහිපයක් එම ගෑස් වලින් පුම්බා ගත් බවත්ය. එසේ කාන්දු වී ඉවත යන ගෑස් වලට වගකිව යුත්තේ කවුද යන්න සොයා බැලීම වෙනුවට ගෑස් උපාංග වලට දොස් පැවරීම අසාධාරණ බව පවසන එ් මහතා කියා සිටියේ එ් පිළිබඳ සොයන කොමිසමේ අංකයක් ලබාදෙන්නේ නම් පරීක්‍ෂණ සඳහා සහයවීමට අවශ්‍ය තොරතුරු ලබාදිය හැකි බවයි. තවද ගෑස් සමාගම් සිදුකරන්නේ කිසිවකු සමගින් වෛර පිරිමැසීමට ගෑස් ටැංකියක් තෑගි කර එම පුද්ගලයාගේ දරුවකුට ගිනි පෙට්ටියක් ලබාදීම වැනි සරල යුද ක‍්‍රම හඳුන්වාදීමක්ද යන්න සැක සහිත බව හෙතෙම පැවසීය.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment