ගෑස් සිලින්ඩරය විකුණා බඹර පදමින් දර මිටියකුත් අරන් ගෙදර ඇවිත්!

544

මේ අඹු සැමි යුවළ පදිංචිව සිටින්නේ නිට්ටඹුව, කළගෙඩිහේන ප‍්‍රදේශයේය. ඒ අයගේ නිවසේ ගෑස් සිලින්ඩරය අවසන් වූයේ ඉකුත් සිකුරාදා රාත‍්‍රියේය.

 ‘‘ඒයි ගෑස් එක ඉවරයි. තමුසෙ ළඟ සල්ලි නැද්ද? මට නම් බෑ දුම් කකා ලිපට පිඹින්න. දර කෑල්ලක්වත් ගෙදර නෑ.’’ බිරි`ද ආඩපාලි කියන්නට විය.

ගෑස් සිලින්ඩරය විකුණා බඹර පදමින්  දර මිටියකුත් අරන්  ගෙදර ඇවිත්!

 ‘‘මගෙ අතෙත් සතපහක් නෑ ඕයි’’ ඔහු මුහුණ සඟවාගෙන කීවේ බිරි`ද ළඟ යටිමඩි ගැසූ කීයක් හෝ තිබෙන බව දන්නා නිසාය.

 ‘‘තමුසෙ ළඟ ඉතිං, සත පහක් වත් නෑ තමයි. හවසට කණමදයා වගේ බොන්න සල්ලි තියෙනවා.’’ වාදය තනි සටනක් බවට පත්ව යද්දී ඔහු නිහඬ විය.

 ‘‘මෙන්න සල්ලි. රුපියල් 3000මයි තියෙන්නෙ. ගිහින් ගෑස් එකක් ගේනවා’’

 දුරකථනය අතට ගත් ඔහු ත‍්‍රීවිලර් ඉන්දිකට කතා කළේය. සැණින් ති‍්‍රරෝදයේ නැග ගෑස් ගෙන ඒමට ගිය ඔහු ආවේ පැයක් දෙකක් ගතවූ පසුවය.

 ‘‘කෝ ඕයි ගෑස් එක’’ බිරි`ද යක්‍ෂණියක සේ කෑ  ගැසුවේ ත‍්‍රීවිලරය ඊගහන වේගයෙන් නිවසින් පිටවී යද්දීය.

 ‘‘ගෑස් නෑ ඕයි. ඒ මගුල හොඳගාණකට විකුණලා දැම්මා. ඔන්න මම ඒ සල්ලිවලින් භූමිතෙල් ලීටරයකුයි මේ දර මිටියයි ගත්තා. මෙන්න ඉතුරු සල්ලි. බිරිඳ දුන් මුදලින් පදමට වෙරි වී සිටි ඔහු බඹරෙක් මෙන් ඇ`දට වැටුණේ මුළු ගමම යුද පිටියක සිරි ගනිද්දීය.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment