ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් බව මා රටට අනාවරණය කළේ ජුනි මාසයේදීයි

348

– පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුශාන් ගුණවර්ධන

ගෑස් සිලින්ඩර තුළ පවතින ගෑස්වල සංයුතිය වෙනස් කර ඇතැයි තමා ජුනි මාසයේදී රටට අනාවරණය කළ බව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුශාන් ගුණවර්ධන මහතා දිවයිනට ඊයේ පැවසීය.

මෙම සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ සේවය කරමින් සිටියදී ජුනි 26 දින විෂය භාර ඇමැතිවරුන් දෙදෙනාට සහ ලේකම්වරුන් දෙදෙනාට ඊමේල් පණිවුඩ මඟින් මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවද ඒ මහතා පැවසීය. එම ඊමේල් පණිවුඩය මගින් සංයුතිය වෙනස් කිරීම නිසා ගෑස් සිලින්ඩර පුපුරායාමේ අවදානමක් පවතින බව තමා පෙන්වා දුන් බවද පැවසීය.

මෙම සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශයෙන් තමා කළ ඉල්ලීමට ප‍්‍රමිති කාර්යාංශයෙන් පිළිතුරු ලෙස ලැබී තිබුණේ ගෑස් වල සංයුතිය පිළිබඳ නොව ගෑස් බට වල ප‍්‍රමිතිය, රෙගියුලේටරයේ ප‍්‍රමිතිය සහ ගෑස් ටැංකිය තුළ ගෑස් පුරවා තබන පීඩනය බවද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment