ගෑස් හිගගයක් ඇති නොවන ලෙස සිලින්ඩර් මාරු කර ගන්න – පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලයි

224

ප්ලාස්ටික් මුද්‍රාව ඉවත් නොකළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නැවත හුවමාරු කර ගැනීමේදී වෙළෙඳපොළේ නැවත ගෑස් හිඟයක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රට පුරා ගෑස් සිලින්ඩර් ලක්ෂ 50ක් පමණ භාවිතා කරන බවත් ඊට අමතරව නිවෙස්වල මුද්‍රාව ඉවත් නොකළ ගෑස් සිලින්ඩර් ලක්ෂ 20ක් පමණ තිබිය හැකි බවත් එම අධිකාරිය පවසයි. නිවෙස්වල පවතින මුද්‍රාව ඉවත් නොකළ සිලින්ඩර් අලෙවි නියෝජිතයාට ලබාදීමට සිලින්ඩර් ලබා ගන්නා ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියත් නිවෙස්වල පවතින අතිරේක සිලින්ඩර් සියල්ල හුවමාරු කිරීමට එකවර උත්සාහ කළහොත නැවත ගෑස් හිඟයක් ඇතිවිය හැකි යැයි අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

එම නිසා අලෙවි නියෝජිතයාගෙන් හුවමාරු කර ගැනීමට නිවෙස්වල තිබෙන මුද්‍රාව ඉවත් නොකළ සිලින්ඩර් රැුගෙන යෑමේදී අවශ්‍යතාව මත එය සිදුකරන ලෙස ද එම නිලධාරියා ඉල්ලා සිටියේය.

ගෑස් සපයන සමාගම්ද දෛනිකව ගෑස් සිලින්ඩර් 80,000ක් පමණ රට පුරා බෙදාහරින බවත් එකවර පාරිභෝගිකයන් සතුව තිබෙන සිලින්ඩර් මාරු කිරීමට යෑමේදී ඔවුන්ට ගැටලූ මතුවිය හැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment