ගෑස් හිගයෙන් බේකරි 7000 ක් වැසී යෑමේ අවදානමක් චූන් පාන් රථවලටත් බලපෑම්

348

වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ඇති බේකරි 7000 කට වැඩි ප‍්‍රමාණයක් වැසී යෑමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (06 වැනිද) පැවසීය.

මෙම තත්ත්වය තුළ බේකරි, ආපනශාලා, චූන්පාන්, ඇතුළු ක්‍ෂේත‍්‍ර රැුසකටම දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ද හෙතෙම කීය.

ගෑස් හිඟය හේතුවෙන් මේ වන විටත් බේකරි විශාල ප‍්‍රමාණයක් වසා දමා ඇති අතර, ඉන්ධන අර්බුදය හේතුවෙන් බේකරි නිෂ්පාදන අලෙවිකර ගැනීමේ විශාල ගැටලූවකට මුහුණපා ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ජංගම රථවලින් චූන්පාන් අලෙවියේ යෙදෙන වෙළෙඳුන් ද මේ වන විට සිය නිෂ්පාදන අලෙවිකර ගැනීමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද ඒ මහතා කීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment