ගෑස් හිඟයක් නෑ: ලබන මාසය තෙක් තොග තිබෙනවා… ලිට්රෝ ගෑස් නව සභාපති වැඩ භාර ගනිමින් කියයි

254

රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර සමාගමේ මූලික අරමුණු අභිමතාර්ථ සාක්ෂාත් කරමින් පාරිභෝගිකයාට උපරිම සේවාවක් ලබාදීම සිය මූලික අරමුණ බව ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙරේදා (26 වැනිදා) සඳහන් කළේය.
 
 තම සමාගම මෙන් ගෑස් සපයන අනෙක් සමාගම්ද රැකගනිමින් ඉදිරියට යෑමට අපේක්ෂා කරන බව කී හෙතෙම, ලිට්රෝ ගෑස් හිඟයකින් තොරව ලබන අගෝස්තු මස දක්වා සැපයීමට අවශ්‍ය තොග සමාගම සතුව පවතින බවත් කීවේය. ලිට්රෝ ගෑස් නව සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙරේදා (26දා* එම අදහස් පළකළේ කොළඹ 02, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවතේ පිහිටි එම සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී නව ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව තනතුරේ රාජකාරි ආරම්භ කරමින් ඒ මහතා මෙසේද පැවසීය.
 
 ශ‍්‍රී ලංකාව පුරා සිටින ලිට්රෝ ගෑස් ප‍්‍රධාන අලෙවි නියෝජිතයන් හතලිස් දෙදෙනකු සතුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ දෙකක් පමණ තිබෙනවා. ගෑස් පිරවූ සිලින්ඩර 80,000 ක් අලෙවි නියෝජිතයන්ට සපයනවා. ලාෆ් සමාගම දිනක අවශ්‍යතාව වන සිලින්ඩර 15,000ක් සපුරනවා. දිනක මුළු ධාරිතාව වන සිලින්ඩර 115,000ක් සපුරාලීමේ හැකියාව අපට තිබෙනවා.ඊළ`ග මාසය තෙක් තොග තිබෙනවා. ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල කැබිනට් අනුමැතියෙන් අඩු කිරීමත් සමඟ ග‍්‍රාමනිලධාරී කොට්ඨාස මට්ටමින් සිටින දාහත්දාස් ගණනක අලෙවිකරුවන් ගෑස් ඇණවුම් කිරීම අත්හිටුවීමෙන් ගෑස් හිඟයක් ඇති වී තිබෙනවා. පාරිභෝගිකයන්ද මිල අඩු වේයැයි ගෑස් පරිභෝජනය අඩු කර තිබෙනවා. රටේ කිසිදු අයුරකින් ගෑස් හි`ගයක් ඇති වන්නේ නැහැ. සමස්ත ගෑස් අවශ්‍යතාවෙන් සියයට 80ක් සපයන්නේ ලිට්රෝ සමාගම.
 
 ලාෆ් ගෑස් සමාගම සියයට 20ක් පමණයි සපුරන්නේ.ඒ සියයට 20ත් එම සමාගමට ලබාදීමට අපිට හැකියාව තිබෙනවා.පළමුව රටේ අවශ්‍යතාව සපුරාලීමට අප කටයුතු කළ යුතුය. අප ගෑස් ඒකාධිකාරියක් ගොඩ නැගීමට බලාපොරොත්තු වන්නේ නැහැ. අනෙක් සමාගම් සමග සාකච්ඡුා කර ඉදිරි කටයුතු සිදු කරනවා. එම අවස්ථාවට එක්වූ මහාචාර්ය ඉ`දුරාගාරේ ධම්මරතන හිමියෝ මෙසේ කීහ.‘ගෑස් කියන්නේ නිෂ්පාදනයක්. එහිදී අපට අදාළ වන්නේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම. මෙහිදී නව සභාපතිතුමාට එක දෙයක් මතක කරන්න අවශ්‍යයි. ඒ තමයි ගෑස් කියන්නේ පත්තු වෙන දෙයක් බව. ගෑස් ඉංග‍්‍රීසි අකුරු අනුව ගෑස් කියන්නත් පුළුවන්. අවශ්‍ය නම් ගස් කියන්නත් පුළුවන්. ගෑස් ‘ගස්’ නොයන තැනටයි වැඩ කළ යුත්තේ. මහාචාර්ය මැදගොඩ අභයතිස්ස සහ ආචාර්ය කිරින්දේ අස්සජි හිමිවරු මෙහිදී අනුශාසනා සිදුකළහ.එම අවස්ථාවට ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා සහ ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති තෙෂාර ජයසිංහ මහතා වැඩ භාරගත් අවස්ථාව
 
– සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment