ගෑස් හිඟයෙන්  රට පුරා බේකරි සහ හෙළ බොජුන් හල් වැසෙන ලකුණු

140

දිවයින පුරා බේකරි පහළොස් දහසක් සහ හෙළ බොජුන් හල් ඒක් දහස් දෙසියයක් පමණ පවතින ගෑස් හිඟයෙන් වසා දමා තිබෙන බව වාර්තාවේ. ප‍්‍රධාන නගර සහ උප නගරවල පවත්වාගෙන ගිය බේකරි වලින් සියයට 75ක් පමණ වසා දමා තිබෙන බව බේකරි හිමියෝ පවසති.

නගරවලින් බැහැරව දැලි දර භාවිතයෙන් පවත්වාගෙන යන බේකරිවලින් බේකරි ආශ‍්‍රිත කෑම වර්ග නිෂ්පාදනය පිටි ඇතුළු යෙදවුම් වල මිල ඉහළ යාමෙන් පවත්වගෙන යාමේ අර්බුදවලට පත්ව තිබෙන බවද ඔවුහු පවසති. පාන් බනිස් ඇතුළු බේකර් ආහාරවල මිළ ඉහළ දැමීමත් සමග අලවිය පහළ ගොස් තිබෙන බවද පැවැසීය.

මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සහ පෞද්ගලික අංශය මඟින් දිවයින පුරා ප‍්‍රධාන නගර උප නගර ආශ‍්‍රිතවත් ප‍්‍රධාන මාර්ග ආශ‍්‍රිතවත් පවත්වාගෙන ගිය හෙළ බොජුන් හල් පවතින ගෑස් හිගයෙන් වසා දමා තිබෙන බව පැවැසේ. කළ විමසීමේදී මේ වනවිට හෙළ බොජුන් හල් 1,200ක් පමණ වසා දමා තිබේ. වස විෂෙන් තොර ආහාර නිෂ්පාදනය සහ පරිභෝජනය දිරි ගැන්වීම සඳහා ආරම්භ කළ හෙළ බොජුන් හල්වලින් ආහාර මිලදී ගැනීමට විශාල පිරිසක් යොමුවූහ. මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ද හෙළ බොජුන්හල්වලින් කෙටි කෑම පරිභෝජනයට හුරුවූ බව සංචාරක මග පෙන්වන්නෝ පැවැසූහ. හෙළ බොජුන්හල් සහ බේකරි වසා දැමීමෙන් හතළිස් දහසකට ආසන්න පිරිසකට රැකියා අහිමිවී තිබෙන අතර ඔවුන්ගේ පවුල්වල ආර්ථිකය දැඩි අර්බුදවලට පත්ව තිබේ. හෙළ බොජුන්හල්වලට වස විෂෙන් තොර එළවළු , පලතුරු ඇතුළු කෘෂි නිෂ්පාදන සැපයූ විශාල ගොවීන් පිරිසක්ද අපහසුතාවයට පත්වී සිටිති.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment