ගෑස් හිඟය අවසන් කිරීමට දින 30 ක් යනවා – ලිට්‍රෝ සභාපති කියයි

140

ඩොලර් හිඟය මඟ හරවා ගනිමින් අවශ්‍ය ගෑස් මෙරටට ගෙනාවත් ගෑස් හිඟය සම්පූර්ණයෙන් අවසන් කිරීමට දින තිහක කාලයක් ගතවන බව ලිට්‍රොා් ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා ‘දිවයින’ට පැවසීය.

මෙරට ගෑස් සිලින්ඩර් ලක්ෂ තිස්පහක් හතළිහක් තිබෙන බවත් කොළඹ වරායට ගෙන එන නෞකාවකින් මුතුරාජවෙල ගෑස් පර්යන්තයට ගෑස් ගොඩ බෑමෙන් පසු දිනකට ගෑස් සිලින්ඩර් 80,000 බැගින් බෙදාහරින බව ද ඒ මහතා කීය.

ඒ අනුව මෙරට පාරිභෝගිකයින් සතුව තිබෙන ගෑස් සිලින්ඩර් ප්‍රමාණය පිරවීම සහ ඒවා පාරිභෝගිකයන් වෙත ලබාදීමට දින තිහක කාලයක් ගතවන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ඩොලර් අර්බුදය මත රටට අවශ්‍ය ගෑස් මිලදී ගැනීමේ නව ක්‍රමවේද වෙත යොමුවෙමින් හිඟය මඟ හැරලීමට වැඩපිළිවෙළක් සකසමින් තිබෙන බව ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment