ගෑස් හිඟය අස්සේ පාන් ගිනි කයි

179

ගෑස් සහ තිරි`ගු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල වැඩි මිල ගණන් යටතේ ආහාර අලෙවි කිරීමට වෙළෙඳුන් පියවර ගෙන ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.

ඇතැම් ප‍්‍රදේශවල ග‍්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 85 ක් දක්වා ඉහළ දමා ඇති අතර ආප්පයක මිල රුපියල් 15 සිට 25 දක්වා සහ බිත්තර ආප්පයක මිල රුපියල් 50 සිට 60 දක්වා වැඩි කර ඇතැයි පාරිභෝගික ජනතාව චෝදනා කරති.

එළවළු, මාළු, බිත්තර සහ මස් අඩංගු කෑම පැකැට්ටුවක මිල ද රුපියල් 160 සිට 220 ක් දක්වා ඉහළ දැමීමට වෙළෙඳුන් ක‍්‍රියා කර ඇතැයි ද ඔවුහු පවසති.

මීට මසකට පමණ පෙර ආප්පයක මිල රුපියල් 10 ත් 15 ත් අතර පැවැති අතර බිත්තර ආප්පයක මිල පැවතියේ රුපියල් 30 ත් 40 ත් අතරය. බිත්තරයක මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල බිත්තරයක් රුපියල් 30 ක් දක්වා ඉහළ දමා ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment