ගෑස් හිඟය  තව සතියක් – ලිට්‍රෝ කියයි

193

මේ වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් තිබෙන බව ලිට්‍රෝ සමාගමේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (10 දා) පැවසීය.

දිවයිනට පැමිණ ඇති ගෑස් නැවේ ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේද සිදුකෙරුණු බව හෙතෙම කීය.

මීට පෙර දිවයිනට පැමිණි මෙටි‍්‍රක් ටොන් 2600ක් ් රැුගත් ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑම අවසන්වී ඇති බවත් එහි ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කරමින් තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

ගෑස් නොමැතිවීම හේතුවෙන් ඊයේ (10 දා) දිවයිනේ ප‍්‍රදේශ රැුසකම ආපනශාලා වසා දමා තිබෙනු දැකගත හැකි විය.

එසේම ගෑස් සැපයුම් අඩාළවීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් පරිභෝජනය කරන ජනතාවද පෝලීම්වල රැුඳී සිටිමින් දැඩි දුෂ්කරතාවලට මුහුණපා සිටියහ.

සමහර ප‍්‍රදේශවල ගෑස් මිලදී ගැනීමට පැමිණ සිටි ජනතාව අතරේ උණුසුම් තත්ත්වයක්ද හට ගැනිණි.

ශිරාන් රණසිංහ සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment