ගෑස් හිඟය නිසා ආපනශාලා 15,000ක් වැහිලා

150

පවතින ගෑස් හිඟය නිසා රටපුරා පිහිටි හෝටල් සහ ආපනශාලා පහළොස්දාහකට වැඩි සංඛ්‍යාවක් වසා දමා ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය යටතේ එම ආපනශාලාවල සහ හෝටල්වල හිමිකරුවන්, සේවකයන් සහ පාරිභෝගික ජනතාවත් විශාල අපහසුතාවන්ට පත්ව ඇතැයි ද එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරයි.

මේ අතර දිගින් දිගට ම පවතින ගෑස් හිඟය නිසා කොළඹ ඇතැම් තරු පන්තියේ හෝටල් සහ පිට පළාත්වල ප‍්‍රධාන පෙළේ හෝටල් රැුසක් ද දර ලිප් භාවිතයට යොමුව ඇතැයි එම හෝටල් ආරංචි මාර්ග කියා සිටී.

ඇතැම් ප‍්‍රධාන පෙළේ හෝටල්වල භාවිතය සඳහා ගෑස් සිලින්ඩර යම් ප‍්‍රමාණයක් ලැබී ඇතත් ඒවා කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් මෙසේ අමතරව දර ලිප ද භාවිතයට ගැනීමට සිදුව ඇතැයි කොළඹ ප‍්‍රධාන පෙළේ තරු හෝටලයක ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (07 දා) පැවසීය.

ගෑස් රටේ බෙදාහැරීම මේ වනවිටත් යථාවත් වී නොමැති අතර ගෑස් සැපයීමේ දී රෝහල්, හෝටල් සහ ආපනශාලා සඳහා ප‍්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන ලෙස රජය ගෑස් සමාගම් වෙත උපදෙස් ලබා දී තිබිණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment