ගෑස් හිඟය විදුලි බිලෙන් උඩට පනියි

351

ගෑස් හිඟය නිසා විදුලි බලයෙන් ඉවුම් පිහුම් කළ මහජනතාවගේ විදුලි බිල දෙගුණ වී ඇතැයි ජනතාව මැසිවිලි නගති.

මේ නිසා සහනයක් ලබාදෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති. විශේෂයෙන් මේ ගැටලුවට මුහුණ දී ඇත්තේ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල මහල් නිවාසවල ජීවත්වන පිරිසය.

“දිවයින”ට අදහස් දක්වමින් මහල් නිවාස හිමියන් කිහිපදෙනකු කියාසිටියේ ගෑස් නොමැතිවීම, භූමිතෙල් සහ දර සොයා ගැනීමට නොහැකිවීම නිසා විදුලියෙන් තමන්ගේ ගෙවල්වල ඉවුම් පිහුම් කර දරුවන්ට කන්න බොන්න දුන් බවය. එසේ කර මාසය ඉක්මයෑමත් සමග විදුලි බිල දෙගුණයක් වී අතැයිද ඇතැමුන්ට ඊටත් වැඩියෙන්ද ආ නිසා තමන් තවත් අසරණවී ඇතැයිද ඔවුහූ පැවසූහ.

තමන් විදුලියෙන් ඉවුම් පිහුම් කටයුතුවලට යොමුවූයේ මහල් නිවාසවල ගෑස් වෙනුවට වෙනත් විකල්ප භාවිත කරමින් ඉවුම් පිහුම් කටයුතු සිදුකර ගැනීමට නොහැකි නිසා බව ද ඔවුහූ වැඩිදුරටත් පවසති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment