ගෑස් ළිප පිපිරී ගේ ගිනි ගත්තා අලූත් අවුරුද්දේ අපි පාරට වැටුණා – වත්තල හුණුපිටියේ සිව්දරු පියෙක් කියයි

311

* පාසල් පොත්පත් නිල ඇඳුම් පිළිස්සී දැරිය කම්පනයෙන්

ගෑස් ළිප පුපුරා යෑමෙන් ඇතිවූ ගින්නෙන් තමාගේ මුළු නිවෙසම  ගිනිබත් වූ බවත් තමා මෙතෙක් හරි හම්බ කරගත් සියලූ දේපළ විනාශ වී තමාටත් තම දරුපවුලත් නව වසරේ මහ පාරට බසින්ට සිදුව ඇති බවත් ගෑස් ළිප පුපුරා යෑමෙන් තම නිවෙස අහිමි වූ වත්තල හුණුපිටියේ කාන්ති මාවතේ පදිංචිව සිටි සිව් දරු පියෙක් ඇඬූ කඳුළෙන් පවසා සිටියේය.

ඉකුත් 31 වැනිදා තම බිරිඳ දහවල් කෑම පිළියෙල කිරීම සඳහා අලූතින් ගෙනා ගෑස් සිලින්ඩරය සවිකොට ගෑස් ළිප දල්වා සුළු මොහොතකින් එය පුපුරා ඇතිවූ ගින්න පැතිර යෑමෙන් ගෙදර බිත්ති හතර පමණක් ඉතිරිව අනෙක් සෑම වස්තුවක්ම ගිනිබත් වූ බව නිවෙස් හිමි ආර්. ගුණසේකර මහතා පැවසීය.

ගින්නෙන් විනාශයට පත් භාණ්ඩ අතර රූපවාහිනී යන්ත‍්‍රයක්, ශීතකරණයක් ඇතුළු භාණ්ඩ රැුසක් ද වත්තල බාලිකා විදුහලක අධ්‍යාපනය ලබන තම 13 හැවිරිද දියණියගේ පොත් පත්, පාසල් නිල ඇඳුම් ඇතුළු සෑම දෙයක්ම ද ඇති බවත් මේ නිසා ඇය ද දැඩි මානසික පීඩනයට පත්ව ඇති බවත් ගුණසේකර මහතා කීවේය.

ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මැ`ඩපවත්වන විට වෙන්න ඕනෑ හානිය සිදුවී හමාර වී තිබුණු බවත් එවෙලේ නිවසේ සිටි අය අතරින් තමාට පමණක් සුළු තුවාල ඇතිවුණත් තම බිරිඳටත් දියණියටත් ජීවිත හානියක් සිදු නොවීම පෙර කළ පිනක් නිසා සිදුවූවක් බවත් ඔහු කීවේය.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් කුමාර මහතාගේ මෙහෙයවීම මත නිලධාරී පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.

බී. ටී. කේ. – ජාඇල අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment