ගිනස් වාර්තාව තබන්නට යන ලොව ළාබාලතම ගුවන් නියමුවරිය ශී‍්‍ර ලංකාවට එයි

284

ලෝකයේ ළාබාලතම ගුවන් නියමුවරිය ලෙස සැලකෙන බෙල්ජියම් – බි‍්‍රතාන්‍ය සම්භවයක් ඇති 19 හැවිරිදි සාරා රදර්ෆර්ඞ් ගිනස් වාර්තාවක් බිඳ හෙළීම සඳහා යන ගමනේදී 56 වෙනි නැවතුම්පොළ ලෙස ශ‍්‍රී ලංකාවේ රත්මලාන කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සැහැල්ලූ ගුවන් යානයකින් ඊයේ (28දා* දහවල් පැමිණියාය.

ලොව වටා තනිව පියාසර කළ ළාබාලතම කාන්තාව වන සාරා රදර්ෆර්ඞ් මයික්‍රෝ ලයිට් එකකින් ලොව වටා සැරිසැරූ ප‍්‍රථම කාන්තාව සහ තනි එන්ජිමකින් යුත් ගුවන් යානයකින් තනිව ලොව වටා සැරිසැරූ පළමු බෙල්ජියම් ජාතිකයා වීම ද විශේෂත්වයකි.

2021 අගෝස්තු 18 වන දින බෙල්ජියම්-බි‍්‍රතාන්‍ය ගුවන් නියමු සාරා කුඩා ගුවන් යානයක් සමඟ තනිව ලොව වටා පියාසර කිරීම සඳහා ගමනක් ආරම්භ කළ අතර ලබන වසරේ මැද භාගය වන විට මහාද්වීප පහක් සහ රටවල් 52 ක් හරහා කිලෝමීටර් 51,000 ක ගමනක් අවසන් කිරීමට ඇය බලාපොරොත්තු වේ.

සාරා රදර්ෆර්ඞ් 2022 ජනවාරි මාසයේදී යුරෝපයේ නිෂ්පාදනය කරන ලද ඉහළ කාර්ය සාධනයක් සහිත අල්ට‍්‍රාලයිට් ගුවන් යානයක් වන ෂාර්ක් යානයකින් පියාසර කරනු ඇත. එය ඇදහිය නොහැකි තරම් වේගවත් වන අතර පියාසර කිරීමේ වේගය පැයට කිලෝමීටර 300 දක්වා ළඟා වේ. එවැනි දිගු ගමනක් සඳහා යානය විශේෂයෙන් සකස් කර ඇත.

පින්සිරි ආරියරත්න රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment