ගින්දරී ආදායම් වාර්තා බිඳීයි

526

යකඩ පිහාටු, බන්ධනය, වස්සානේ සඳ, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, ගිනිමල් පොකුරු, සෙනසුරු මාරුව, බහුබූතයෝ, ගින්දරී 2 වැනි සිනමා නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සිනමාකරු උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වන ගින්දරී 3 මේ දිනවල රටපුරා සිනමාහල් රැසක තිරගත වේ. සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් ගින්දරී චිත්‍රපට මාලාවේ 3 වැනි නිර්මාණය වන ගින්දරී 3 මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත කිරීම ආරම්භ වී තිබේ. පසුගිය 01 වැනිදා තිරගත කිරීම ආරම්භ කළ ගින්දරී 3 සිනමා නිර්මාණය තිරගත කිරීම ආරම්භ කර පළමු සතියේදී ලක්ෂ එකසිය හතරකට අධික ආදායමක් උපයා තිබීම මෙරට සිනමා කර්මාන්තය යළි පිබිදීමක් ලෙස සැලකිය හැකිය. මෙම ආදායම් වාර්තාව පසුගිය වසර හත ඇතුළතදී චිත්‍රපටයක් ලැබූ ඉහළම ආදායම් වාර්තාව බව සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment