ගිනිගත් නැවට සිංගප්පූරුවේදී හා ලන්ඩනයේදී නඩු

456

අල්ලස් ගැනීම ගැනත් පරීක්‍ෂණයක්

ඉදිරි සති තුන ඇතුළත සිංගප්පූරු හා ලන්ඩන් අධිකරණවල නඩු ගොනුකර ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබෙන ඩොලර් බිලියන 6.4ක වන්දි මුදල කෙලෙස හෝ ලබා ගන්නා බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම වන්දි මුදල ශ්‍රී ලංකාවට ලබාගත නොහැකි වනු ඇතැයි පදනමින් නොව එම වන්දිය ලබාගත හැකි ඉලක්කයෙන් අදාළ අධිකරණ ක්‍රියාදාමය ඇරඹීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබෙන බවද ඇමැතිවරයා කියා සිටියේය.

සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් පර්ල් සමාගමට අයත් ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ දී ගිනිගෙන විනාශ වී ගියේ ඉකුත් 2021 වසරේ මැයි 20 වැනිදාය. මින් ශ්‍රී ලංකාවේ සමුද්‍රය දැඩි ලෙස දූෂණයට ලක්වූයේ එහි කන්ටේනර්වල තිබූ රසායනික ද්‍රව්‍ය මුහුදට කාන්දු වීම නිසාය.

මෙම නඩුව සිංගප්පූරු අධිකරණයේ ගොනු කිරීමේ කිසිදු වරදක් නැති බවද ඇමැතිවරයා කීය. මේ අතර නැව රක්‍ෂණය කර ඇති P&I රක්‍ෂණ සමූහයෙන් ඩොලර් මිලියන 250ක අල්ලස් ලබාගත් සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙන බවද ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment