ගිනිගත් නැවේ වන්දියත් ගිනිබත්

338

මෙරට මුහුදු තීරයේදී ගිනිගෙන මුහුදුබත් වූ නිව් ඩයමන්ඞ් නෞකාවේ අනතුරෙන් මෙතෙක් ලැබිය යුතු සම්පූර්ණ මුදල වන මිලියන 3480 ක මුදල තවමත් ලබා ගෙන නැතියි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.
පසුගිය 2020 සැප්තැම්බර් මස ඊසානදිග මුහුදු තීරයේ අනතුරට පත්වූ මෙම නෞකාව සම්බන්ධයෙන් අයකරගත යුතු මුදල් පිළිබඳවද පසුගියදා පාර්ලිමේන්තුවේදී එම කමිටු රැුස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා වී ඇති අතර මෙතෙක් අයකරගෙන ඇත්තේ සම්පූර්ණ මුදලින් රුපියල් මිලියන 12ක් සහ නැවේ ගින්න නිවීමට , තෙල් විසිරීමට ප‍්‍රතිචාර දැක්වීම සදහා රුපියල් මිලියන 51.3 ක මුදලක් පමණක් බවත් අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment